බස් ගාස්තු ගැන තීරණය අද

සටහන – රුවන් නෙළුගොල්ල

සැප්තැම්බර් මාසය සඳහා සිදුකෙරුණු ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු අඩු කරන්නේද, නැද්ද යන්න පිළිබඳ තීරණය අද (02) දිනයේ ප්‍රකාශ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව පැවසුවේ මාධ්‍ය කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමිනි.

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඉන්ධන මිල අඩු වුවත් මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ වසර ගණනාවක් තිස්සේ බස් ගාස්තු සංශෝධනය කරන්නේ බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මූලධර්ම අනුව, මිල සූත්‍රයක් යටතේ බවත් මෙවර ඩීසල් මිල රුපියල් 10 කින් අඩු වුවත් එය මිල සූත්‍රයේ සඳහන් 4%ක ප්‍රතිශතයට ප්‍රමාණවත් නොවන නිසා බස් ගාස්තු අඩුකිරීමේ හැකියාවක් නොමැති බවකි.

එමෙන්ම මෙවර මිල සංශෝධනයෙන් පෙට්‍රල් මිල අඩු කෙරුණත් ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ත්‍රීරෝද රථ වෘත්තීය සංගම් ද ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...