බස් ගාස්තු ගැන තීරණය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සැප්තැම්බර් මාසය සඳහා සිදුකෙරුණු ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු අඩු කරන්නේද, නැද්ද යන්න පිළිබඳ තීරණය අද (02) දිනයේ ප්‍රකාශ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව පැවසුවේ මාධ්‍ය කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමිනි.

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඉන්ධන මිල අඩු වුවත් මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ වසර ගණනාවක් තිස්සේ බස් ගාස්තු සංශෝධනය කරන්නේ බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මූලධර්ම අනුව, මිල සූත්‍රයක් යටතේ බවත් මෙවර ඩීසල් මිල රුපියල් 10 කින් අඩු වුවත් එය මිල සූත්‍රයේ සඳහන් 4%ක ප්‍රතිශතයට ප්‍රමාණවත් නොවන නිසා බස් ගාස්තු අඩුකිරීමේ හැකියාවක් නොමැති බවකි.

එමෙන්ම මෙවර මිල සංශෝධනයෙන් පෙට්‍රල් මිල අඩු කෙරුණත් ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ත්‍රීරෝද රථ වෘත්තීය සංගම් ද ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...