එජාප – සජබ ඒකාබද්ධ කිරීමට නැවතත් ප්‍රබල වෑයමක් ?

Date:

ජනාධිපතිවරණය ළංවෙමින් පවතින අතරේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කිරීම සඳහා නැවතත් ප්‍රබල වෑයමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මීට මූලිකත්වය ගෙන ඇත්තේ එජාප – සජබ දෙපාර්ශ්වයම සමග සමීප සම්බන්ධතා ඇති ප්‍රබල ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු බව සඳහන්.

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන කඳවුරු තුනකට ඡන්ද බෙදීයාම තුළ කිසිවෙකුටත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි තත්වයක් උද්ගත වෙමින් පැවතීමත් එජාප – සජබ බෙදීම හමුවේ ජාතික ජන බලවේගය ඉදිරියට පැමිණීමේ අනතුරත් සලකා බලා ඔවුන් මෙම ප්‍රයත්නයට අත ගසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කිහිපයක් මේ වනවිට පවත්වා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි

අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉදිරිපත්...

වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...

ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...