ඔන්න දැන් තැපැල් ජන්දෙත් එනවා. රාජ්‍ය සේවකයින්ට වැටුපත් වැඩිකරලා තියෙන්නේ – රාජිත

කොළඹ LNW: ඉදිරි සතියේදී තැපැල් ජන්ද විමසීම සිදුකිරීමට නියමිත අතර රාජ්‍ය සේවයේ විශාල පිරිසක් තැපැල් ජන්දය භාවිතා කිරීමට නියමිත බවත් එම තැපැල් ජන්ද විමසීම එළඹීමත් සමඟ රජය ඓතිහාසික තීන්දුවක් ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ අනුව රු.25000කින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබෙන බවයි සේනාරත්න මහතා කියාසිටියේ.

එමෙන්ම මූලික වැටුප දෙගුණ කිරීමටත් රජය තීන්දුවක් ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඉතා හොද වැටුප් වර්ධකයක් ලැබී තිබෙන අතර මෙලෙස රට ගොඩ ඒවී යැයි තමන්ද සිතුවේ නැති බවයි සේනාරත්න මහතා ප්‍රකාශ කළේ.

”අපි සහ සජබ ආර්ථික මෙහෙයුම පිළිබද වෙනසක් නෑ. IMF ගේන්න කියලා මුලින්ම කිව්වේ හර්ෂ.අපි සජිත්ට රට භාරගන්න කියද්දී හර්ෂ සිල්වා අත් දෙක ඉස්සරහට දාලා කිව්වා සජිත්ට රට බාරගන්න එපා කියලා. හර්ෂ ද සිල්වා මෙහෙට එන්න මුදල් ඇමතිකම ඉල්ලුවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන ඊනියා උගතුන් හිතන් ඉන්නේ ප්‍රංශෙ මැක්‍රෝන් ආවා කියලා. ලෝකේ ඩයි නැත්නම් ඔතන ඉන්න තරුණයින්ගේ පෙනුම බලාගන්න පුලුවන්. ජනතා විමුක්ති පෙරමුණ කාලෙන් කාලෙට ජාතික ප්‍රශ්නය පිළිබද මතය වෙනස් වුණා.ප්‍රතිපත්ති වෙනස් කළා.” යනුවෙන් සේනාරත්න මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...