සහරාවට අසාමාන්‍ය වර්ෂාපතනයක්

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉදිරි දින කිහිපය තුළ ලෝකයේ වියළිම ස්ථානවලින් එකක් ලෙස සැලකෙන සහරා හි අවම වශයෙන් වසර 30 කට පසු අධිකම වර්ෂාපතනය අත්විඳිනු ඇති බව වාර්තා වේ.

වෙදර් රේඩාර් මඟින් සැප්තැම්බර් මස මුලදී සහරා ප්‍රදේශයට වර්ෂාව පතිත වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර දින කිහිපයකින්, සැප්තැම්බර් සඳහා සාමාන්‍ය ප්‍රමාණයට වඩා 30-50 ගුණයක වර්ෂාපතනයක් සමහර ස්ථානවල අපේක්ෂා කෙරේ.

ඒ අනුව, සමහර ප්‍රදේශවල වර්ෂාපතන එකතුව සාමාන්‍යයෙන් වසර කිහිපයකින් වැටෙන ප්‍රමාණයට වැඩි විය හැක.

දේශගුණික විද්යාඥයන් අනතුරු අඟවන්නේ දුර්ලභ වායුගෝලීය සැකැස්මකට අනුව වර්ෂාව හටගන්නා බවත් අධික වර්ෂාව හේතුවෙන් චැඩ්, ලිබියාව, නයිජර් සහ ඇල්ජීරියාවේ කොටස් වලට ගංවතුර ඇති විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...