යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් බිම දේශපාලනය පරිස්සමට පාවිච්චි කරන්න

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 02, කොළඹ LNW:

යාපනයට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් යන ප්‍රවෘත්තිය විවිධ අන්දමෙන් විග්‍රහ වෙමින් ඇත.යාපනයට මෙවැන්නක් දීම හෝ ලැබීම දේශපාලනිකය.ක්‍රිකට් ආයතනය කරන්නේ දේශපාලනික වැඩක් ලෙස මෙය අරුත් ගන්වාගන්න යාම මේ අදහස තේරුම් ගැනීමේ දුබලතාවය විසින් ඇති කරන වැඩකි.ක්‍රිකට්වල අදහස රටේ සෑම අතකටම ගමට ක්‍රිකට් වැනි වැඩ සටහන් හරහා පිබිදීමක් ඇති කිරීමය.

මේ එහි දිගුවකි.ආණ්ඩුවට දේශපාලනිකව පැවරෙන වගකීම වන්නේ වසර ගණනක් යුද බිමක් බවට පෙරැළි තිබූ යාපනය නැවත රටේ පොදු දේශපාලනය තුළට කැඳවාගෙන ඒමය.වාර්ගික දේශපාලනය සිඳු කළ බලය වෙනුවෙන් මිනිසුන් බෙදා වෙන් කිරීමේ දුෂ්ඨකමේ සිටම මේ දේශපාලනය ඊට වගකිව යුතු වන්නේය.පවතින ආණ්ඩුවට සම්බන්ධ සාමාජිකයන් ද මේ රටේ කැරලි දෙකකට සම්බන්ධ වූ අයය.

එහෙත් උතුරේ කැරැල්ල ත්‍රස්තවාදය ලෙස නම් කළ තමන්ව ත්‍රස්තවාදීන් කළ ආණ්ඩුවලට එකඟව වැඩ කිරීමේ නරක ඉතිහාසයක හිමිකරුවෝ ය.කැරලි දෙක තුළම උතුර සිය දේශපාලනික අදහස පැල කිරීමට සහ වැවමට ඔවුන් තෝරා නොගත් වරදේ ද හිමිකරුවෝය.ඒ නිසා උතුරේ ක්‍රීඩාංගණයක් ජාත්‍යන්තර මට්ටමට පත් කරන විට ඓතිහාසික දේශපාලනිකව කරපු තුවාලය වේලා ගන්නට ඩෙටෝල් බිඳක් තවරා ගැනීමට ආණ්ඩුව උතුරේ වැඩට බර යොදා දායක වන්නේය.

ගාල්ලේ ක්‍රීඩාවන් සියල්ල එක් කර පැවත් වූ ජාතික ක්‍රීඩා උළෙලට නොපැමිණ යාපනයේ එක් ක්‍රීඩාවක් වෙනුවෙන් සහභාගි වීමේ වැදගත්කම ජනාධිපතිවරයා තෝරා ගන්න ඇත්තේ කෙසේද?රජයක් ලෙස ගත් විට ජාත්‍යන්තර මට්ටමට සමීපතම ක්‍රීඩාබිමවත් මලල ක්‍රීඩා වෙනුවෙන් සොයා නොගෙන ගාල්ල දඩල්ලට ගොස් ජාතික ක්‍රීඩා උළෙල පවත්වන්නට ආණ්ඩුව තීරණය කරන අතර යාපනයේ ඇති වන ජාත්‍යන්තර පොළවේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ කවදාද කියා අසා ජනතාවට ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගෙන් පොරොන්දුවක්ද රැඟෙන දෙන්නට ජනාධිපතිවරයා කටයුතු කරන්නේය.ඒ ජනාධිපතිවරයා ක්‍රිකට්වලට වඩා පහළ ජනප්‍රියතාවයක ආණ්ඩුවේ ජනප්‍රියත්වය තිබෙන බව දන්නා නිසාය.

ඒ ජනප්‍රිය වේදිකාව මත උතුරේ පපු කළඹවාලන කතාවක්ද කියමින් අනුර කුමාර දිසානායක පිට්ටනිය නිම කිරීමෙන් පසුව උතුරේ ජනතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉඩක් ලැබෙනු ඇතැයි විශ්වාසයක් ඇති කරන්නට උත්සාහ ගන්නේය.ඒත් ක්‍රිකට් සිටින්නේ ඒ දේශපාලන වාක්‍යය පසු කර ගොස් ඉදිරිගාමී පියවරක සිටගෙනය.මේ වන විටත් ජාතික කණ්ඩායම නියෝජනය කිරීම උතුරෙන් සිඳු වී ඇත.ඒ වගේම අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට ද උතුරේ නියෝජනය ඇත.මේ වැඩ සටහන තුළ දකින්නට ලැබුණේ පසුපසින් සිටින ව්‍යහුය ඉදිරිය හෝ සම වීමට හෝ වේගවත් දිවිය යුතු වීම ප්‍රදර්ශනය වීමය.

මේ අසීමාන්තිකව වේගය වැඩි කර දිවීම නිසා වැටෙන හතියත් අපහසුතාත් නිසා ඇතැම් විට මලල ක්‍රීඩා පිටියේදී නම් තරගයේ ලැබිය හැකි ජය හෝ නොලැබෙන බව අපි දැක ඇත්තෙමු.කෙසේ වුවත් උතුරට දේශපාලනිකව මැදිහත්වීමක් කර එම වැසියන්ට සිඳු වූ අසාධාරණයන් නිවැරදි කිරීමට රජයකට ඇති වගකීම ක්‍රිකට් ක්‍රීඩාංගණයට වඩා විශාලය.ඔවුනට අහිමි කර තිබෙන බිම්කඩේ සිට සමූහයක් විදිහට ඔවුන් විශ්වාස කරන අන්දමට ඔවුන් වෙනුවෙන් ජීවිතය පූජා කළ බවට විශ්වාස කරන මිනිසුන් සමූහයක් විදිහට සිහිපත් කිරීමේ අයිතියද දිය යුතුව ඇත.එසේම යාපනය මේ මොහොතේ අතිශයින්ම මලල ක්‍රීඩාවට වැදගත් පොළවක්ය.රිටි පැනීමේ ජාතික වාර්තාව සහිත ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව යන දෙදෙනාම උතුරේය.නිසි පහසුකම්වලින් තොර බිම්වල පුහුණු වන්නන්ය.එසේම වර්ථමාන කවපෙත්ත වීසි කිරීම අංක එක සිටින්නේ ද උතුරේය.

වඩාත්ම වැදගත් මේ අයට බිමක් සදා දීමට හමුවන පොහොසත් ජාත්‍යන්තර නායකයන් හරහා බර තැබීමය.උතුරට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගෙන ඒමෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා සිඳුවන ව්‍යාපෘති හරහා යුද්ධයෙන් පසුව පලදායිම, ක්‍රීඩාවෙන් උතුරට ලැබුණ වටිනාකම් ලැබුණේ ක්‍රිකට් වෙතින්ය.එය ක්‍රිකට්මය නොව රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් බවට පත් කර දේශපාලනය විසින් ක්‍රිකට් ආශිර්වාදයක් කරගෙන මේ ප්‍රයත්නය තවත් පලදායී වැඩ සටහනක් කර ගන්නා හැටි සාකච්ඡාවට ගත යුතුය.එහි ඇති ප්‍රශ්නකාරීව මතු කරන පාරිසරික ගැටළු සියල්ල මතින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යා හැකි දුර පැහැදිළිය.එහෙත් කිසිවටෙක හමුවන හෝ මතුකරන ප්‍රශ්නය නොසළකා නොවේය.

අතහැර යාමෙන් ප්‍රශ්න නිමා නොවන බව දැන පිළිතුරු සෙවීමෙන් මේ ක්‍රීඩාංගණය ස්වාධීනව පවත්වා ගෙන යාමේ හැකියාව මෙන්ම පොහොසත්ව පවත්වා ගෙන යාමේ හැකියාවද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත උදාවෙනු ඇත.යාපනයේ ජනතාව ලද ජයක් වන මේ ක්‍රීකට් ක්‍රීඩාංගණය රටේ ජයග්‍රහණයක් සහ රටට ආශිර්වාදයක් වන දිනයක් උදා වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.එම බලාපොරොත්තුව ඉටු කිරීමේ වැඩි වගකීම පැවරී ඇත්තේ යාපනය ජනතාවටය.අපි බලා සිටින්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට...