ඉන්දුනීසියාව පුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල ප්‍රචණ්ඩකාරී මුහුණුවරකට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රජයේ වියදම් ඉලක්ක කර ගනිමින් රටපුරා පැවැත්වෙන විරෝධතා සහ පොලිස් මෝටර් රථයක ගැටීමෙන් යතුරුපැදි කුලී රථ රියදුරෙකු මිය යාමෙන් පසු ඇති වන කෝපය මධ්‍යයේ, ඉන්දුනීසියාව පුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙන බව, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ප්‍රකෝපකාරී පිරිස් එරට ප්‍රාදේශීය පාර්ලිමේන්තුවකට ද ගිනි තබා ඇති බවද වාර්තා වේ.

කෝපයට පත් විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි රැසකට ද අලාභ හානි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන අතර, මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු විරෝධතා අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් මියගොස් ඇත.

රට පුරා පැතිර යන විරෝධතා රැල්ල ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියොන්ටෝ පිළිබඳ පරික්ෂණයක් ලෙස සැලකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

දේශපාලඥයින්ගේ ඉහළ වැටුප්වලට එරෙහිව මෙම විරෝධතා මාලාව ආරම්භ වු අතර, ඉන්දුනීසියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලුම සාමාජිකයින් ඔවුන්ගේ වැටුප්වලට අමතරව රුපියල් මිලියන 50ක මාසික දීමනාවක් ලබා ගන්නා බව අනාවරණ වීමත් සමග එම විරෝධතා ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජීවන වියදම, බදු මෙන්ම විරැකියාව හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටින අවස්ථාවක් එරට දේශපාලඥයින් මෙවැනි වරප්‍රසාදයක් භුක්ති විඳීම සදාචාරාත්මක නොවන බව බොහෝ පාර්ශ්ව පෙන්වා දෙයි.

ඉන්දුනීසියානු දේශපාලඥයින් ලබාගන්නා මාසික දීමනාව පසුගිය වසරේදී හඳුන්වා දී ඇති ඉන්දුනීසියාවේ අවම වැටුප මෙන් දස ගුණයකට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන අතර ලොව තුන්වන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන්නේ ද ඉන්දුනීසියාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට...