ඇමරිකානු හමුදා වෙනිසියුලාවට පහර දෙන්නේ නම් ‘සන්නද්ධ ජනරජයක්’ ප්‍රකාශ කිරීමට තමා සුදානම් බව වෙනිසියුලා ජනාධිපති කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද හමුදාවන්ගෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට තම හමුදාව සූදානම් බවත්, තමා සන්නද්ධ ජනරජයක් ප්‍රකාශයට පත් කිරීමට සුදානම් බවත්, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ ප්‍රකාශ කර තිබේ.

ඊයේ(01)දිනයේදී මාධ්‍යවේදීන් අමතමින් වෙනිසියුලානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, මේ වන විට එක්සත් ජනපද හමුදා කැරිබියන් දූපත් වල යොදවා ඇති අතර වෙනිසියුලාව ඉලක්ක කර ගනිමින් මිසයිල 1,200 ක් සහ සබ්මැරීනයක් සහිත හමුදා නැව් අටක් යොදවා ඇති බවත්, වෙනිසියුලාව මේවන විට පසුගිය වසර 100 තුළ විශාලතම තර්ජනයට මුහුණ දී සිටින බවත්, වෙනිසියුලාවට පහර දුන්නොත්, අපි වහාම අපේ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ අරගලයකට යොමු වෙන බවත්ය.

දකුණු කැරිබියන් දුපත්වල හමුදා යෙදවීම සම්බන්ධයෙන් වොෂින්ටනය ප්‍රකාශ කර තිබුණේ, ලතින් ඇමරිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කිරීමේ මෙහෙයුමක් වශයෙන් ඔවුන් හමුදාව යොදවන ලද බවයි.

කෙසේ නමුත්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය කලාපය පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සංවිධාන රැසකට මධුරෝ සමීප සම්බන්ධතා ඇති බවට චෝදනා කර ඇති අතර, ඒ සඳහා ඔවුන් මෙතෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් යයි!

ලබන සෙනසුරාදා (6) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ...

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට...