රනිල්ගේ ගෙදරට ගිනිතියපු එකත් සාමකාමීයි – සුනිල් හඳුන්නෙත්ති (VIDEO)

Date:

පසුගිය ජුලි මාසයේ පැවති අරගල අතරතුර පිරිසක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීම ද සාමකාමී ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.

ප්‍රශ්නය – එතකොට ජනාධිපතිවරයාගේ ගෙදරට ගිනිතියපු එකත් සාමකාමීද ?

“ඔව් ! සාමකාමීයි !”

ප්‍රශ්නය – ඒ කොහොමද ?

“තුවක්කු පැත්තකින් තියලා එයා සාකච්ඡා කරන්න ආවා නම් ගිහිල්ලා කතා කරනවානෙ ? එයා ජනාධිපති හින්දා සාකච්ඡා කරන්න ආවා නම් කතා කරනවානෙ ? එයා වෙඩිතිබ්බ හින්දානෙ, එයා කඳුළු ගෑස් ගහපු හින්දානෙ මේ පැත්තෙන් ඒ විදියට ගියෙ ?”

ප්‍රශ්නය – ඒක ම්ලේච්ඡත්වය නෙවෙයිද ?

“ඉතිං දෙකම ම්ලේච්ඡත්වයනෙ ? (සිනාසෙයි) ඉතින් කිසි අරගලයක් සාමකාමී නෑනෙ ? අරගල කියන්නෙ එහෙම තමයි. ඉතින් ඔය විදියට බැලුවොත් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ නැගිටීමත් ම්ලේච්ඡයි. ඉතිහාසයේ ගත්තොත් එහෙම මොකක්වත් ම්ලේච්ඡ නැති අරගල නෑනෙ ? වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කැප්පෙටිපොල, ඊට කලින් දුටුගැමුණු, ඔය මහා වංශකතාවල ලියන ඔක්කොම ඉතින් ම්ලේච්ඡයිනෙ ?”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...