රට බංකොලොත් කීම : මහබැංකු අධිපති පාර්ලිමේන්තුවට උත්තර දිය යුතුයි – දෙපැත්තම කියයි

පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු නොගෙවන බංකොලොත් රටක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට පෙර මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම මූල්‍ය තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර, එම තීරණය සම්බන්ධයෙන් රටේ මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබාගත යුතුව තිබුණත් එවැන්නක් සිදුකර නොමැති බව ඊයේ විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේත් මැති ඇමතිවරුන් විසින් පෙන්වා දෙනු ලැබිණි.

ඒ, අතුරු අයවැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර ය.

ලක්ෂ්මන් කිරිඇල්ල (සජබ) – “ඊයෙ මහබැංකු අධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා දේශනයක් කරන්න. එතුමාගේ කතාවෙදි කිව්වා, එතුමා වැඩ භාරන්නකොට මහබැංකුවේ තිබුණෙ ඇමරිකන් ඩොලර් මිලියන 20යි කියලා. මම ඇහුවා පාර්ලිමේන්තුවට මේ තත්වය දැනුම් දුන්නාද කියලා. උත්තරයක් නෑ ! මොකද මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. සියලු දෙනාම වගකීමෙන් තොරව කටයුතු කරලා තියෙනවා”

බන්දුල ගුණවර්ධන (ශ්‍රීලපොපෙ) – “මමත් පිළිගන්නවා මේ පිළිබඳ මහබැංකුව විසින් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළයුතු වෙනවා. එසේ ඉදිරිපත් කළේ නැහැ ! ඉතින් මහබැංකුව මේ තිබෙන වගකීම එසේ ඉෂ්ට කළාද කියන ප්‍රශ්නය මේ ගරු සභාව විමසා බැලිය යුතු වෙනවා”

වජිර අබේවර්ධන (එජාප) – “රට බංකොලොත් කිරීමේ බලයක් මහබැංකුවට නෑ. ඒ අයට තිබ්බානෙ අප්‍රේල් මාසෙ පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ව කැඳවලා කියන්න තිබුණා රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මොකද කරන්නෙ කියලා. එහෙනම් මේ මුළු පාර්ලිමේන්තුවම එදා තීරණයක් ගනීවි”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...