සති 02 කට පත්කළ කැබිනෙට්ටුව දිගටම – රාජ්‍ය ඇමති පත් කිරීමත් කල් යයි !

Date:

වත්මන් කැබිනට් ඇමති මණ්ඩලය දිවුරුම් දෙද්දී එය සති දෙකකට පමණක් සීමා වන තාවකාලික කැබිනෙට්ටුවක් ලෙස තීරණය කර තිබිණි. ඊට හේතු වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ පාර්ශ්ව කිහිපයක සහභාගීත්වය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීමයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අසමත් වූ ජනාධිපතිවරයා විපක්ෂයේ පිරිසක් සම්බන්ධ කර ගනිමින් හෝ බහුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උත්සාහ දැරූ නමුත් මේ දක්වා එම උත්සාහය සාර්ථක වී නොමැත.

ඒ අනුව තාවකාලිකව දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය තවදුරටත් පවත්වාගෙන යාමටයි ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ. එම තීරණයේ සිටිමින් විපක්ෂ කණ්ඩායමක් ආණ්ඩු පාර්ශ්වය වෙත ගලවා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ දරමින් සිටී.

මේ අතර පොදුජන පෙරමුණේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම දිගින් දිගටම ඉල්ලා සිටියේ තවත් පිරිසකට කැබිනට් හා රාජ්‍ය ඇමති ධුර ලබාදෙන ලෙසයි. එසේ නොමැති වුවහොත් අයවැය සඳහා පක්ෂ වීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලීමට සිදුවන බවද හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් දන්වා තිබෙනවා.

අතුරු අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙන අතර ඊට පෙර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට රාජ්‍ය ඇමති ධුර ලබාදීම සඳහා ජනාධිපතිවරයා එකඟ වී තිබිණි. කෙසේ නමුත් මේ දක්වා අදාල දිවුරුම් දීම සිදුවන බවක් දක්නට නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...