අයවැය ඡන්ද විමසීම අද – සජබ, ඩලස් පාර්ශ්වය මාරු වෙයි !

Date:

ඉදිරි මාස 04 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා.

අතුරු අයවැය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

මේ අතර පසුගියදා විපක්ෂයට එකතු වූ, පොදුජන පෙරමුණේ ඩලස් කණ්ඩායමද ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව එම පක්ෂයේ ප්‍රධානියෙකු වන පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා පවසනවා.

ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන පොදුජන පෙරමුණේ කණ්ඩායම අයවැයට පක්ෂ වන බව මේ වනවිටත් ප්‍රකාශයට පත්කර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් අයවැයට පක්ෂ වන්නේද විරුද්ධ වන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹ නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...