නන්දලාල් වෙනුවට මම ඉල්ලා අස්වෙන්නං – අලි සබ්‍රි මහ බැංකු අධිපති වෙනුවෙන් පෙනී සිටී

Date:

විදෙස් රටවලින් ලබාගත් ණය සඳහා පොළිය සහ වාරික ගෙවීම අත්හිටුවීමට තීරණය කළේ මහ බැංකුවේ නිළධාරීන්, මුදල් අමාත්‍යංශයේ නිළධාරීන්, ආණ්ඩුවේ ප්‍රධානීන් ඇතුළු වගකිව යුතු සියලු දෙනාගේ මැදිහත්වීමෙන් සිදුකළ දීර්ඝ කරුණු සොයා බැලීමකින් පසුව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

එම තීරණය රටට ප්‍රකාශ කිරීම පමණක් මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකළ බවත්, එනිසා ණය ගෙවීම අත්හිටුවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නන්දලාල් මහතාට චෝදනා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

අලි සබ්‍රි මහතා අයවැය විවාදයට එක්වෙමින් මේ බව සඳහන් කළේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ඊයේ අයවැය විවාදය අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමිනි.

නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමට කුමන හෝ පාර්ශ්වයකට අවශ්‍ය නම් ඒ වෙනුවට තමා ඉල්ලා අස්වීමට සූදානම් බවත්, රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක වීරසිංහ මහතා වැනි සම්පතක් අහිමි කර ගැනීම විශාල අපරාධයක් බවත් සබ්‍රි මහතා ප්‍රකාශ කරනවා.

මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහු ගත් තීරණ හේතුවෙන් අභියෝග රැසක් මැද ජීවිත ගෙවන ජනතාවට ප්‍රතිලාභ හිමි වී ඇති බැවින් මෙවැනි නිර්භීත තීරණ ගන්නා නිළධාරීන් පිටුපස පැන්නීමෙන් වැළකී සිටින්නැයි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බව ඇමතිවරයා පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය තනතුරින් සමු ගැනීමෙන් පසුව බංකොලොත් වූ මහා භාණ්ඩාගාරය ඇතුළු මුදල් අමාත්‍යංශ බාර ගැනීමට අලි සබ්‍රි මහතා ඉදිරිපත් වූ මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුගේ කෙටි සේවා කාලය නන්දලාල් වීරසිංහ මහතාගේ පැසසුමට ලක්විය. ඔහු සිය සමීපතමයන් සමග පවසා තිබුණේ මහ බැංකුවේ සිය සේවා කාලය තුළ තමාට හමු වූ හොඳම මුදල් ඇමතිවරයා අලි සබ්‍රි මහතා බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවද මුදල් අමාත්‍යංශය සඳහා නන්දලාල් වීරසිංහ මහතා විසින් සබ්‍රි මහතාගේ නම නිර්දේශ කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...