රාජ්‍ය ඇමතිවරුන් 35 ක් – දිවුරුම් දීම 09 වැනිදා

Date:

අතුරු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට පෙර රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම සිදු කිරීමට ආණ්ඩුවේ නායකයන් මීට පෙර තීරණය කර තිබිණි. කෙසේ නමුත් රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ලබන 09 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.

රාජ්‍ය අමාත්‍ය තනතුරු ලබාදීම කඩිනම් කරන ලෙස අවස්ථා කිහිපයකදී පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර කෙසේ නමුත් එය අතුරු අයවැය දක්වා කල්දමා තිබිණි.

මෙවර රාජ්‍ය අමාත්‍ය තනතුරු 35 ක් ස්ථාපිත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඉන් බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන අතර අදාල නම් ලැයිස්තුව මේ වනවිටත් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ. මීට අමතරව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද රාජ්‍ය ඇමති ධුර හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉම්රාන් ගැන සැක සහිත අවාසනාවන්ත පුවත් පැතිරෙන රාවල්පිණ්ඩි හී දී සටන් වදින්නට වී තිබෙන ශ්‍රී ලංකාව..

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: පකිස්තානයේ පැවත්වෙන පකිස්තානය,ශ්‍රී ලංකාව...

දඬුවමට ලකුණු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : ඔන්ලයින් දඩ ගෙවීමේ...

මහඔය පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර අවධානමක් – රතු නිවේදන නිකුත් කරයි!

කොළඹ LNW:මහඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්...

තේරීම් කමිටුව ගැන තීරණය ගන්නෙ ඇමතිතුමා – තේරීම් කමිටු සභාපති උපුල් තරංග

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: සිය තේරිම් කමිටුවේ ධූර...