ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: චීනයේ සිට ආනයනය කරන ලද රේගු භාරයට ගෙන තිබුණු චීන අකුරු සහිත විශේෂ දුම්වැටි තොගය වෙළෙඳපොළේ බහුලව පවතින වර්ගයක් නොවන අතර එය නිශ්චිත පිරිසකගේ පරිභෝජනයට ගෙන්වන ලද ඒවා විය හැකි බවට ශ්රී ලංකා රේගුව අනුමාන කරයි.
ලක්ෂ දෙකක පමණ ප්රමාණයක් වන එම සිගරට් තියේ වටිනාකම රු.කෝටි තුනක් පමණ වන බවයි රේගුව පැවසුවේ.
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂණ බලකායේ ජ්යෙෂ්ඨ නියෝජ්ය අධ්යක්ෂ ලාල් වීරකෝන් මහතා විසින් මාධ්ය වෙත අද (02) අදහස් දක්වමින් පැවසුවේ ආනයනය කරන ලද වානේ දොරවල් තුළ එම සිගරට් තොගය ඉතා සූක්ෂමව සඟවා තිබියදී රේගුවේ ප්රධාන කාර්යාලයේ අදායම් අධීක්ෂණ බලකාය විසින් හඳුනා ගෙන තිබූ බවයි.
මේ අතර හිටපු රේගු නියෝජ්ය අධ්යක්ෂවරයෙක් වන වත්මන් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාට පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා විසින් රේගු වංචාවකට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය සම්පූර්ණණයෙන් අසත්ය අතර එය පදනම් විරහිත අර්ථ විරහිත හා චෝදනාවක් බවත් ලාල් වීරකෝන් මහතා පැවසුවේය.
නන්දික සනත් කුමානයක මහතා වසර 25 වැනි කාලයක් ශ්රී ලංකා රේගුවේ සේවය කළ අතර ඔහුගේ රාජකාරි ස්වභාවය අනුව භාණ්ඩ පරීක්ෂාවට ඔහු නොයන බව වත්මන් නියෝජ්ය අධ්යක්ෂවරයා පැවසීය.
පරීක්ෂා කිරීම් සඳහා නිලධාරීන් අනියුක්ත කිරීමත් පරීක්ෂා කිරීම්වලින් පසුව ලබා දෙන වාර්තා සඳහා නිර්දේශ ඉදිරිපත් කරමින් සෙසු රේගු කටයුතු සඳහා යොමුකිරිම සිදුකරන බවයි වීරකෝන් මහතා පැවසුවේ.
එහෙයින් කුමානායක මහතාට එල්ල කරන ලද චෝදනාව සම්පූර්ණයෙන් අසත්ය වන අතර මේ වන විට තනතුරේ තමන් රාජකාරි සිදුකරන හෙයින් අදාළ රේගු කටයුත්ත සම්බධයෙන් පවතින ලිපි ගොනුව තමන් පරීක්ෂා කර තිබෙන අතර මන්ත්රීවරයා සිදුකරන ආකාරයේ කිසිදු වංචාවක් සිදුවී නැති බව ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.


