රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW :
අද (2) දින පස්වරුවේ, 2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි බවද දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මෙවර පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගය ඉකුත් අගෝස්තු මස 9 වැනිදා දිවයින පුරා විභාග මධ්යස්ථාන 2,723කදී පැවැත්වුණු අතර සිංහල මාධ්යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්යයෙන් සිසුන් 73,723ක් ලෙස සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටියේය.


