රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW :
2026 වසරේ 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්රතිඵල නිකුත් වී ඇති අතර, මෙවර විභාගය සඳහා සිසුන් 289,867 දෙනෙකු සහභාගී වී ඇත.
ඉන් සැලකිය යුතු පිරිසක් විශිෂ්ට දක්ෂතා දක්වා ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව සිසුන් 56,000ක් පමණ නියමිත කඩඉම් ලකුණු ප්රමාණය ඉක්මවා යාමට සමත් වී තිබේ.
අගෝස්තු මාසයේ පැවැත්වූ මෙම තරඟකාරී විභාගයේ සමස්ත සාර්ථකත්වය මෙම සංඛ්යාලේඛන මගින් මැනවින් පැහැදිලි කෙරේ.


