පසුගිය රජය සමයේදී අයථා ලෙස මත්පැන් බලපත්ර නිකුත් කිරීම සඳහා මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අය සහ තවත් ව්යාපාරිකයකුට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව සඳහන්.
සිද්ධියට සම්බන්ධ ව්යාපාරිකයා මේ වනවිට විදෙස්ගතව ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්රකාශ කළේය.


