කාන්තා ශූරයන්ගේ කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට හිමිවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW :

ඉදිරි වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත මංගල කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය මුලින් ශ්‍රී ලංකාවට හිමිව තිබුණද, එරට ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ප්‍රතිසංස්කරණ හේතුවෙන් එය ඉන්දියාව වෙත පවරා ඇති බව සඳහන් වේ.

විස්සයි20 ආකෘතියෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් හයක් තරග වැදීමට නියමිතය.

ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙහි දක්ෂතම කණ්ඩායම් දෙක පෙබරවාරි 28 වනදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන මෙම සුවිශේෂී තරගාවලිය පෙබරවාරි 14 වනදා ආරම්භ වීමට නියමිත බව මෙහි වැඩිදුරටත් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...