සැප්තැම්බරයේ සාහිත්‍ය රසය බෙදමින් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ජ’පුරදී!

Date:

කොළඹ LNW: ලාංකීය විශ්වවිද්‍යාලයක් මගින් පවත්වනු ලබන ජාතික මට්ටමේ ප්‍රථම සහ එකම සාහිත්‍ය උළෙල වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ (01) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය විසින් මෙම සම්මාන උත්වසය සංවිධානය කර තිබුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා සහභාගී වූ අතර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ මහතා,පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීංකෙන්ද,මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර,මහාචාර්ය පූජ්‍ය පනහඩුවේ යසස්සි හිමි ඇතුලු මහාචාර්යවරුන් කථිකාචාර්යවරුන් ආචාර්යවරුන් විශ්වවිද්‍යාල සිසුසිසුවියන් මාධ්‍යවේදීන් ප්‍රකාශන සමාගම් හි ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම උත්සවයට සහභාහී විය.

වසරේ විශිෂ්ඨතම ශාස්ත්‍රීය කෘතිය ලෙස ඩබ්ලිව්.රංජිත් ධර්මතිලක මහතා විසින් රචිත “වර්ණ” සන්නිවේදන හා සංඥාර්ථ කෘතිය සම්මානට පාත්‍ර විය.

වසරේ විශිෂ්ඨතම තීරු ලිපි සංග්‍රහය ලෙස බන්දුල පී දයාරත්න මහතා විසින් රචිත ටොම්සන් මහත්තයා 1,2 සම්මාන ලැබීය.

වසරේ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහය ලෙස ලක්ශාන්ත අතුකෝරල විසින් රචිත ”හැගුම් ගගෙහි හැංගිලා” කෘතිය සම්මාන හිමි කර ගත්තේය.

වසරේ විශිෂ්ඨතම කෙටිකතා සංග්‍රහය ලෙස විරාජිනී තෙන්නකෝන් විසින් රචිත ”අන්ධයා සහ සුරුට්ටු න්‍යාය” කෘතියත් වසරේ විශිෂ්ඨතම නවකතාව ලෙස මනෝහරී ජයලත් විසින් රචිත ‘ගිරිජා’ කෘතියත් සම්මානයට පාත්‍ර විය.

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධානය 2023 ලෙසයි මෙම සම්මාන උත්වසය නම් කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...