දුම්රිය දෙපාර්තමේන්තුවේ නව කමිටුව එළ⁣⁣ඹෙන 06 වනදා පළමුවරට රැස්වේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති ලේකම්වරයා විසින් පත් කළ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කමිටුව එළ⁣⁣ඹෙන 06 වනදා පළමුවරට රැස්වීමට නියමිතව ඇත.

මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතායි. ඊට හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරු දෙදෙනෙක් හා සංඥා උප දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියෙකු ඇතුළු සාමාජිකයින් 14 දෙනෙකු ඇතුලත් වන අතර මෙම කමිටුවේ පළමු රැස්වීම සැප්තැම්බර් 06 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී දුම්රිය දෙපාර්තමේන්තුවේ දිගුකාලීන සැලසුම පිළිබඳව පළමුව අවධානය යොමු කිරීමට නියමිත අතර දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින දත්ත එක් රැස්කිරීමට ද නියමිතව තිබෙන බවද සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...