වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල මර්ධනය කිරීමට නොපමාවම පියවර ගත යුතුය.

Date:

ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින සංවිධානාත්මක අපරාධ ඇතුළු සාහසික මිනීමැරුම් පිළිබඳව පොලිසිය ඇතුළු වගකිව යුත්තන්ගේ අවධානය ක්‍රියාකාරී මට්ටමින් යොමු විය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරනු කැමැත්තෙමු.පසුගිය මාස කිහිපය තුළ පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සාහසික මිනීමැරුම් සංඛ්‍යාව සමාජය තැතිගන්වන සුළුය. එමෙන් ම ඒ පිළිබඳව පොලිසිය විසින් ගෙන ඇති පියවර හා එහි ප්‍රගතිය නොපමාව සමාලෝචනය කර ගත යුතු සියළු පියවර ගැනීම ඒ ඒ ආයතනවල වගකිව යුත්තන්ගේ කාර්යභාර්යයක් වන බව ද සිහිපත් කරනු කැමැත්තෙමු.මෑත භාගයේදී ශ්‍රී ලංකාව තුළ මේ අකාරයේ අපරාධ සිදුවීමට තුඩු දී ඇති හේතූන් සොයා බලා ප්‍රතිකර්ම යෙදීම ද නොපමාව සිදු කල යුතුව තිබේ. එහිදී නව පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත විශේෂ වගකීමක් ඇතැයි ද අප විශ්වාස කරන්නෙමු. විශේෂයෙන්ම එහිදි ජාතික දේශපාලඥයන්ගේ පවුල් සාමාජිකයන් මෙන් ම ප්‍රාදේශිය දේශපාලඥයන්ගේ නිර්දේශ මත පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරුන් පත් කිරීම ගැන තොරතුරු අපට අසන්නට ලැබුණි. එවැනි තත්ත්වයන් රටේ මහජන ආරක්ෂාව දුර්වල කිරීමට හේතු වී ඇති බව පැහැදිලි වන නිසා අනාගතයේ එවැනි තත්ත්වයන් ඇති නොවීමට පොලිස් කොමිසම පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

සුනිල් ජයසේකර
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
01.09.2023

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...