අවුරුදු 40 ක් ගෙවිලා ඒත් මත් ජාවාරම් තාමත් වැඩ – දේශබන්දු තෙන්නකෝන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (02) දින කළුතර පැවතී සාර කැදැල්ලට පාර කියන්නට යන සංකල්පය යටතේ පැවැත්වූ වැඩසටහන් අමතමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසූවේ, වසර 40 ක් මුළුල්ලේ මත්‍ද්‍රව්‍ය මැඩලන්න පොලිසිය අසමත් වී ඇති බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී පැවසූවේ,

මත්කුඩු නතර කරන්න බැරිවෙලා තියෙන්නේ එයින් ලැබෙන අති විශාල ලාභය සහ ධනස්කන්ධය නිසා. මේකෙන් ලෙසියෙන් මුදල් හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක්. මත්කුඩු ගංජා මත්පෙති අද වනවිට පාසල් දරුවන් අතටත් පත්වෙලා. මේක නතර කිරීම පොලිස් ස්ථානාධිපති වරුන්ගේ වගකීම.

1982 පළවෙනියා හෙරෝයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්තා. ඔහු සංචාරක මගපෙන්වනෙක්. අද නගර උප නගර ගම් ග්‍රාම සේවා වසම් 14022 ක පාසල් ළමුන් කරා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා.

මේක නතර කරන්න ක්‍රම දෙකක් තියෙනවා . එකක් සැපයුම නතර කරන්න ඕන අනික ඉල්ලුම නතර කරන්න ඕන.

ඒ සැපයුම් ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඕන. අපි තරම් පන්සල් පල්ලි කෝවිල් යන ජාතියක් නෑ. ඒත් එයින් ලබාදෙන පණිවුඩය බොහෝ දෙනෙක් ලබාගෙන නෑ. මෙය නතර කරන්න මුල්වෙන්නේ පන්සලද ? පල්ලිය ද ? කෝවිල ද කියන එක අදාල නෑ. අපි සියලු දෙනා එක්වෙලා මෙය නතර කල යුතුයි. ලෙස පැවසීය.

කළුතර පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 17 ක ප්‍රජා පොලිස් ඒකක 94 ක මත් ද්‍රව්‍ය අබ්බැහිවුවන් 171 ක් සහ පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 13 ක ප්‍රජා පොලිස් ඒකක 73 මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 146 දෙනෙකු වෙනුවෙන් මෙම වැඩසටහන් පවත්වන ලද අතර , මෙහිදී එම පවුල්වල සාමාජිකයින්ට වියළි සළාක මළු බෙදාදීමක්ද සිදුකෙරිණී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...