පාන් පිටි ගැසට්ටුවෙනුත් මුදල් අමාත්‍යංශය ජාවාරම්කාරයන්ට සහන දීලා!

Date:

කොළඹ LNW: ජනතාවට සහන දීම සඳහා පන් පිටි ගෙන්වීමට අදාළව රාජ්‍ය මුල්‍ය කාරක සභාව විසින් ලබාදුන් ගැසට් නිවේදනය යොදාගෙන මුදල් අමාත්‍යංශය, ජාවාරම්කාර පැලැන්තියට සහන දී යළිත් මහජනයා පීඩාවට පත්කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා චෝදනා කරයි.

අගෝස්තු 14 වෙනිදා වනවිට රට තුළ පාන් පිටි ටොන් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් පැවතීම නිසා වෙනත් පාන් පිටි ගෙන්වීම් නවතා දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේය. එසේ සිදුකරනු ලැබුවේ පවතින මිලටම එම ගබඩා ගත පාන් පිටි ජනතාවට ලබාදීම සඳහා වුවත් මුදල් අමාත්‍යංශය එම ගැසට් නිවේදනය දඩමීමා කරගනිමි පාන් පිටි වල බදු වැඩිකර සමාගම් වලට වැඩි මිලට තම ගබඩා වල ඇති පාන් පිටි විකුණා ගැනීමේ ජාවාරම්කාර සහනය ලබාදී ඇති බව චම්පික රණවක මහතා හෙළිකර සිටී.

“රාජ්‍ය මුල්‍ය කාරක සභාවෙදි බොහොම පැහැදිලිව මුදල් අමාත්‍යංශයට කිව්වා පාන් පිටි ගෙන්වීම සමාගම් දෙකකට හැර, ඒ කියන්නේ ප්‍රීමා හා සෙරෙන්ඩිබ් ආයතනය හැර අනිත් පාන් පිටි ගෙන්වන්නන් තහනම් කරන්න කියලා. එහි අරමුණ වුණේ තොග පාලනය. පාර්ලිමේන්තුවේදී පෙන්වලා දුන්නා ටොන් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් අගෝස්තු 14 වෙනිදා වෙනකොට රටේ තිබුණා කියලා. දැන් පාන් පිටිවලට රුපියල් 27ක අලුත් වැඩි බද්දක් ගැසීම නිසා අනිවාර්යෙන්ම ඒක පාරිභෝගික ජනතාවගේ මිලට එකතු වෙනවා. දැනටමත් ඒක සිදු වෙලා තියෙනවා ජනතාවට. ඇතැම් තැන්වල රුපියල් 11 කින්, ඇතැම් තැන්වල රුපියල් 15 කින් වැඩි කරලා තියෙනවා. මේ කරලා තියෙන්නේ අර සමාගම් දෙකේ තොග වලට රුපියල් බිලියන 2 කට වඩා වැඩි ධනයක් ලැබෙන තත්වයක් සකස් කිරීම තමයි මේ කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මාසෙකට අපේ අවශ්‍යතාවය ටොන් 60,000ක්. ටොන් ලක්ෂ 2 කට වැඩිය තියෙනවා කියන්නේ මාස 4 ක තොග තියෙනවා. ඒ කියන්නේ මේ මිල පවත්වා ගත යුතුයි තව මාස හතරක්. මේ ගැන අපට දීපු පොරොන්දුවක් මත තමයි පාර්ලිමේන්තුවේ අනුමත කරලා ගැසට් නිවේදනය දුන්නේ.

එම ජාවාරම්කාර පැලැන්තියම තවදුරටත් රට ඇතුළට මාජරින්, පොල්තෙල් අතීතයේ නම් සීනි ගෙන්වීම සිදුකරනවා. සීනි ගෙනාපු එක බලන්න අවුරුදු 2ක් දැන්. රුපියල් බිලියන 16ක් (කෝටි 1,600ක්) වංචා කරා . ඒත් දුප්පත් මිනිහගේ සිමෙන්ති වලින් රුපියල් 100 ක් වැඩිකරා. මේ වැඩිකිරීම් හරහා, දුප්පත් මිනිහගෙන් හූරගන්නවා. හැබැයි සීනි ජාවාරම්කාරයාට අත තියලා නැහැ. බිලියන 16 කට අවුරුදු 2 ක් තිස්සේ අත තියලා නැහැ. මේ රටේ මිනිස්සු ජීවත්වෙන ඛේදවාචකය තවත් වේදනාත්මක කරනවා මුදල් අමාත්‍යංශයේ මේ වැඩ වලින්.”යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...