තවත් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛා දෙකක් එකම දිනයේදී විවෘත වෙයි ! (PHOTOS)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ක්‍රියාත්මක කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ 153 වැනි සහ 154 වැනි ශාඛාවන් අගෝස්තු 25 වනදා විවෘත කෙරිණි.

ඒ අනුව, ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් 153 වැනි ශාඛාව වාරියපොල ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේදී විවෘත කෙරුණු අතර 154 වැනි ශාඛාව විවෘත කෙරුණේ මාවනැල්ල බෙලිගම්මන විහාරස්ථානයේදී ය.

තවත් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛා 6ක් පමණ පිහිටුවීමේ කටයුතු මේ දිනවල සිදුකෙරමින් පවතින අතර ඒවාත් නුදුරේදීම විවෘත කෙරෙනු ඇති බවයි ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවෙහි වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. මෙය රැකියා ඉලක්කගත පාඨමාලාවක් වන අතර මෙම පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ වේ. එමෙන්ම ඔවුන්ට මොරටුව, කැළණිය සහ රුහුණ යන විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යන පාඨමාලා හදාරමින් වැඩිදුර අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ වරම් ද හිමිවේ.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන රුපියල් ලක්ෂ 25ක් වටිනා පරිගණක භාෂා පාඨමාලාවට යොමුකිරීමට ඔබේ ළඟම ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...