ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව ඉල්ලූවේ ඇයි?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය. හමාස් බාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකු පෙරේදා දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවීමත් සමඟ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට විරෝධය දක්වමින් දැවැන්ත විරෝධතා ආරම්භ කෙරුණි.

එමෙන්ම එරට ප්‍රබලතම වෘත්තිය සමිතිය දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවටයි නිවේදනය කළේ. එම වැඩවර්ජන හා උද්ඝෝෂණ වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කළ ද විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.හමාස් සංවිධානය සමග එකගතාවයකට පැමිණ ප්‍රාණ ඇපකරුවන්ගේ දිවි බේරා ගැනීමට කටයුතු කරන ලෙසයි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයාට බලකර සිටී.

එමෙන්ම සටන් විරාමයකට එළඹෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඊශ්‍රායලයට එල්ලවන පීඩනය ද ඉහළ ගොස් තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...