ජනාධිපතිකමත්, 159කුත්, පළාත් පාලන ආයතනත් තිබියදීත් මේ රජය රට වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද අපේ රටේ ඇත්තේ ඛෙදනීය සහ කණගාටුදායක තත්ත්වයක් බවත් රටේ ජනතාවට අසීමිත බලාපොරොත්තු ලබා දි ජනතාව මංමුලා කර රවටා මුසාව ජයග්‍රහණය කර රටේ ජනතාව ලක්ෂ 220ක් අතරමං කර ඇති බවත් පිළිකා රෝහලේ පහසුකම් පවා මෙන්ම ඖෂධ හිගයට විසදුම් පවා ලබා දීමට නොහැකි වී ඇති බවත් දහස් ගණනින් වෛද්‍යවරු රට අතහැර යද්දි බුද්ධිගලනයට විසදුම් නොමැති බවත් ඊට අමතරව රටේ සංවර්ධන ගමන වේගවත් කරන්නට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එවැනි දර්ශනයක් ක්‍රියාත්මක කරන්න අවබෝධයක් නොමැති අදක්ෂ නොහැකියාවෙන් පෙළෙන රජයක් රට පාලනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බඩුමිල වැඩි වි ආදායම් අඩු වී කර්මාන්තශාලා වැසී රට අතහැර යන තත්ත්වයක් මත රටේ දල දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 40ක් පමණකගේ ජීවනෝපාය වී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ගේ දේපල පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි කරන බවත් සහලින් ස්වයංපෝෂිත වූ රටක අද වන විට වීවලට සාධාරණ මිලක් පවා නොමැතිව සහල් ආනයනය කරන තැනට රට වැටී ඇති බවත් එයට හේතුව පාරිභෝගිකයා ආරක්ෂා කරන්න යැයි කියා ජාවාරම් ක්‍රියාත්මක කිරීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (31) අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන මන්ත්‍රී සංසදය අමතමිනි.

අද වී ගොවියාගේ සිට සෑම කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාව අනාථ වී ඇති බවත් ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි මේ අදක්ෂ ආණ්ඩුව අද ගොවියා අසරණ කර ඇති බවත් මේ අය කියපු දේවල් දුන් පොරොන්දු සහ බලාපොරොත්තු ක්‍රියාත්මක කළ යුතු බවත් සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා මොවුන් 159ක බහුතරය, ජනාධිපතිකම සහ පළාත් පාලන ආයතන බහුතරයක් තියා ගෙන රට වෙනුවෙන් කිසිත් නොකරණ බවත් මේ යන විදිහට ගියොත් 2022 මෙන් 2028 දී ද ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වෙන බවත් පෙන්වා දුන්නේය.

2028 සිට වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5.5ක විදේශ ණය ගෙවන්නට නම් 2025 සිට 5%ක ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කළ යුතු බවත් සංඛ්‍යාලේඛන අනුව නම් මේ වන විට එම ඉලක්කයට යා නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා නැවත වරක් රට බංකොලොත් වෙන්නට එපා කියා තමා ප්‍රාර්ථනා කරන බවත් මිනිසුන්ගේ පීඩනය අසහනය උපයෝගී කර ගෙන දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීමට තමා සූදානම් නැති බවත් අයි.එම්.එෆ් ගිවිසුම තුළ සාකච්ඡා කර ගිවිසුම සංශෝධනය කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියත් රජය එය නොකළ බවත් රටේ ජනතාව මේවා දැනගත යුතු බවත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිත අල්ලස් කොමිසමට!

කොළඹ LNW: අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු...

ඔඩෙයිත්ගේ ඇනමෝර්ෆික් ග්‍රැෆිටි ලෝකයට කිමිදෙමු!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): පෘතුගීසි වීදි කලාකරුවෙකු...

එජාපයේ ප්‍රබලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ??

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු මේ සතිය තුළ අත්...

අහෝසි කරනවා කියූ PTA තවමත් ක්‍රියාත්මකයි – මානව හිමිකම් කවුන්සිලයෙනුත් වාර්තාවක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...