පරිවර්තනීය යුගයකට රට ගෙනියන්න නම් නිවාඩු දවසෙත් වැඩකරන්න වෙයි, පහසුකම් නැති ඔෆීස්වල ඉන්න වෙයි – අගමැති හරිනි

Date:

වත්මන් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් බොහෝ දුෂ්කරතා යටතේ සේවය කරමින් සිටින බැවින් රාජ්‍ය සේවය ද ඊට ගැලපෙන ආකාරයෙන් කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

“අධ්‍යාපනයේ සේවාව හරියට මේ රටේ පුරවැසියන්ට ලැබෙන්නෙ නෑ කියන්නෙ මේ රටට තව අඟලක්වත් ඉදිරියට යන්න අමාරුයි. අපි මේ රට පරිවර්තනීය යුගයකට ගෙනියන්න ඉලක්කයක් තියෙනවා නම් ඒ සිහිනයේ විශාල කොටසක් අධ්‍යාපනයෙන් කෙරෙන්න ඕනෙ. මේ රටේ මේ වෙනස කරන්න නම්, ඒ වෙනස කරන්න බෑ ආණ්ඩුවක් විතරක් මාරුවෙලා. මේක නිකම් සරලව නම් හිතලා භාරගන්න එපා. සමහර වෙලාවට හරියටම හතර හමාරට ගෙදර යන්න බැරිවෙයි. නිවාඩු දවසෙත් වැඩකරන්න ඕනෙ වෙන දවස් තියෙයි. කොහෙහරි දුෂ්කර ගමකට යන්න වෙයි. එච්චර පහසුකම් නැති ඔෆීස් එකක ඉන්න වෙයි. දේශපාලන අධිකාරිය විතරක් එහෙම වෙලා හරියන්නෑ, ඒකට ගැලපෙන රාජ්‍ය සේවයක් ඕනෙ”

අගමැතිනිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සීමිත පදනම මත තේරී පත් වූ නිලධාරීන් 405 දෙනෙකු වෙත පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයින් වමාරද්දී දේශපාලනඥයින් හොඳටම බයවෙලා. සමහරු පන්සල් යනවා, සමහරු දේවාල ගානේ යනවා ?

වත්මන් රජය විසින් ගෙනයන පාතාල මර්දන මෙහෙයුමේදී අත් අඩංගුවට...

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : නීතීඥයකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ...

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...