කොළඹ LNW:පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසළදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(03) නියෝග කළේය.
ඒ, එම නඩුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේ කැදවූ අවස්ථාවේදීය.
එම සිද්ධියේ සීසීටීවී දර්ශනවලට ඇතුලත් සාක්ෂි ගොනු කළ සීඩි තැටිය පසුගිය නඩු දිනයේ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොණු තිබුණු අතර නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල සමාදාන වූ බවට පැමිණිලිකරු විසින් ප්‍රකාශයක් ලබා දෙමින් අධිකරණයට දන්වා තිබේ.
2017 වසරේ අප්‍රේල් මස 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම ප්‍රදේශයේ පදිංචි සමරකෝන් බණ්ඩා යන විදුලි සෝපාන ක්‍රියාකරුට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පතිවරායට එරෙහිව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුඅක්රන ලදී.
එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවයි.
ආශිකා බ්‍රාහ්මණ
