රදවා තැබූ BYD විද්‍යුත් වාහන 506ක් රේගුවෙන් මුදා හැරේ!

0
603

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW :

BYD විද්‍යුත් වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද (03) දින කැඳවූ අවස්ථාවේදී, රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අභියාචනාධිකරණය හමුවේ එකඟ වූ බව වාර්තා වේ.