කොළඹ LNW: දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් ICCPR සම්මුතිය උපයෝගී කර ගෙන දේශපාලන පළිගැනීම් සිදුනොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අවධාරණය කරයි.
මෙම සම්මුතිය නිර්මාණය වූයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කර, සමාජයේ සාමය එකමුතුභාව සහෝදරත්වය සහ ජන කොට්ඨාස අතර සමගිය තහවුරු කරමින් ශිෂ්ඨසම්පන්න සාමකාමි සමාජයක් සහෝදරත්වයෙන් ජිවත් වෙන සමාජයක් නිර්මාණය කිරීමට බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.
මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ ප්‍රඥප්තිය දේශීය වශයෙක් අනපනත් හරහා බල ගැන්වී ක්‍රියාත්මක වන විට යම් යම් අවස්ථාවලදී පුද්ගලයකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට, දේශපාලන දඩයම් කිරිමට භාවිත කර ඇති බවත් මේ නිසාම ජාත්‍යන්තර වශයෙන් රටේ ක්‍රියාකාරි සැලසුම නිර්මාණය වී කොටස් 6කින් යුත් පරීක්ෂණයක් හරහා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කර ඇත්ද කියා තීන්දු කළ යුතු බවත් ඔහු කියාසිටියි.
මේ සම්මුතිය උපයෝගී කර ගෙන මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර මානව අයිතිවාසිකම් කඩකිරීම්, දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම ප්‍රකාශ කරයි.
මේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබද සම්මුතිය උපයෝගී කර ගෙන දේශපාලන පළිගැනීම් සිදු නොකරන එහි සැබෑ අරමුණ මත ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (03) විපක්ෂ නායක කාර්යාලයේදී උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.
ආශිකා බ්‍රාහ්මණ
