අයවැය ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය දෙකට බෙදෙයි !

Date:

ඊයේ (02) පැවති 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පැහැදිලි බෙදීමක් දක්නට ලැබිණි.

එහිදී ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන, ලේකම් දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සභා ගැබට පැමිණ නොසිටි අතර පක්ෂයේ සෙසු සියලුම මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ඊයේ දිනයේම පැවති ශ්‍රීලනිප 71 වැනි සංවත්සරයේදී පක්ෂ සභාපති ලෙස තම බලතල වැඩි කරගන්නා පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීමට ද මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් වූයේය.

ඒ අනුව ශ්‍රීලනිපයේ මේ බෙදීම ඔවුන්ගේ තවත් එක් දෙබිඩි රංගනයක්ද නැද්ද යන්න ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...