දිනා ගත් ආසියානු කිරුළ රැක ගන්න අද දැල්පන්දු කෙල්ලෝ සටන අරඹති

Date:

සංගප්පූරුවේ පැවත්වෙන ආසියානු දැල් පන්දු සූරතාවලිය අරඹමින් අද දෙවන තරගයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග වැදීමට නියමිතය.මධ්‍යහන 12.00 ආරම්භක උත්සවයෙන් අනතුරුව පස්වරු 1.00 පළමු තරගය සඳහා සත්කාරක සිංගප්පූරුව සමඟ තරඟ වඳින්නේ ජපාන කණ්ඩායම ය.ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පැවත්වෙන්නේ පස්වරු 3.00 ට ය.
අද දවසේ තෙවන තරගය ලෙස බෘනායි කණ්ඩායම මැලේසියාව සමඟ තරග වැදීමට නියමිතය.ශ්‍රී ලංකාව මේ මොහොතේ ආසියාවේ අංක එකේ කණ්ඩායම වන තර ඉන්දියාව සිටින්නේ 8 වන තැනය.ඒ නිසා අද තරගය එතරම් අපහසුවක් නොවනු ඇති අතර සිංගප්පුරු ආරංචි මාර්ගවලට අනුව තර්ජණී ඕසට්‍රේලියාවේ ජාත්‍යන්තර තරගාවලියකට පසු මේ වන විට කණ්ඩායමට එක්ව සිටින අතර ඇය වෙනදාටත් වඩා හොඳ තරග රටාවක් ප්‍රකට කරයි.එසේම ශ්‍රී ලංකාව තරගාවලියට පෙර පැවති පුහුණු තරගයේදී ආසියාවේ පස්වන තැන සිටින තායිලන්ත කණ්ඩායම පහසුවෙන් පරාජය කර ඇති නිසා ඉන්දියානු තරගය වැඩි මහන්සියකින් තොරව ජයග්‍රහණයකින් නිමා කිරීමට හැකි වෙනු ඇතැයි සිතිය හැකිය.
ඡායාරූපයේ දැක්වෙන්නේ මෙවර ආසියානු තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම්වල නායිකාවන්ගේ ඡායාරූපයකි.දකුණේ සිට ඉදිරි පෙළ දෙවැන්නිය ශ්‍රී ලංකා නායිකා ගයංජලී අමරසිංහ ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...