ගෝඨාභය වෙනුවෙන් මන්ත්‍රී අසුන පරිත්‍යාග කරන්න සූදානම් – සීතා

Date:

යළි ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන්නේද යන්න පිළිබඳව මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබේ. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළේ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ධුරයට පත් වන්නේ නම් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් හෝ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් හෝ පොදුජන පෙරමුණ තුළ කිසිදු කතාබහක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සීතා අරඹෙපොල මහත්මිය මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට අදහස් කරන්නේ නම් තමන්ගේ මන්ත්‍රී ධුරය පරිත්‍යාග කිරීමට සූදානම් බවයි. කෙසේ නමුත් එවැනි ඉල්ලීමක් පක්ෂයෙන් හෝ රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් සිදුව නොමැති බවද මන්ත්‍රීවරිය සඳහන් කරනවා.

අරඹෙපොල මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන කතාව සමාජ මාධ්‍ය හරහා පැතිර යන අසත්‍ය පුවතක් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...