ජනාධිපති හා GMOA අතර සකාච්ජාවක් -ඖෂධ හිඟය සහ වැඩිවූ මිල ගැන විශේෂ තීන්දු රැසක් (VIDEO)

Date:

මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටළු සම්බන්ධයෙන් අද(03)ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්විය.

මෙම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ මොහොතේ රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් කළ බවයි.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ඖෂධ හිඟය පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාවද ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශව අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම ඊට විශාල ලෙස බලපා තිබෙන හඳුනා ගැනුණු බවයි හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.

එමෙන්ම විශේෂයෙන් මේ මොහොතේ අහස උසට වැඩි වී තිබෙන ඖෂධ මිල සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා කර තිබේ.

ඒඅනුව තෝරා ගැනුණු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල හෝ මිල පහත දැමීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බවත් ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා උපදේශකයින්ට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි අලුත්ගේ මහතා පැවසුවේ

ඖෂධ හිඟය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කවුළුවක් සාදා අවශ්‍ය ආධාර සම්බන්ධයෙන් දැනුවත් කිරීම ගැන මෙම සාකච්ජාවේදී අවධානය යොමුකර ඇත.

කොවිඩ් එන්නත්කරණයේ වැදගත්කම ගැනද සාකච්ජාවට බඳුන් වී තිබෙන අතර වෛද්‍යවරු මුහුණ දී සිටින වෘත්තීමය ගැටළු විසඳා ගැනීම සඳහා ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුකෙරුණු බව අලුත්ගේ මහතා පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...