නාමල් රාජපක්ෂව මේ සිකුරාදා අල්ලස් කොමිසමට කැඳවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හෙට (04) දිනයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව හෙට (සිකුරාදා) පෙරවරු 09.00 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතාට දැනුම්දී ඇති බවයි ඔහුගේ නීතීඥ මුදිත ආර්. ලොකුමුදලි මහතා පැවසුවේ.

මීටපෙර පසුගිය සඳුදා දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දී තිබුණු නමුත් ඔහු ඊට පසුදින පැමිණිය පැමිණිය හැකි බව මුලින් දැනුම් දී තිබුණු බවත් පසුව ඔහු සිය නීතීඥවරයා මාර්ගයෙන් ලිපියක් යොමුකරමින් සැප්තැම්බර් 25 වනදායි පසු දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති නමුත් අල්ලස් කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර අතර සැප්තැම්බර් 04 වනදා පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...