REDA සභාපතිත් ඉල්ලා අස්වෙයි !

කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ ( REDA) සභාපති ඒ.එච් ස්ටීවන් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහුව මෙම තනතුරට පත්කරන ලද්දේ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී අබේකෝන් මහතා විසින් 2024 නොවැම්බර් මස 06 වැනිදා ය. වසර තුනක් සඳහා මෙම පත්වීම ලබාදී තිබුණු අතර තවත් වසරකට වැඩි කාලයක් තිබියදී ඔහු මෙසේ එම තනතුරින් ඉල්ලා අස්වීම විශෙෂත්වයකි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංග ප්‍රනාන්දු මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (02) දිනයේදී යොමුකරමින් ස්ටීවන් මහතා දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් 10 වනදා සිට තමන් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසයි.

ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් අනතුරුව මුලින්ම පත්කරන ලද රාජ්‍ය ආයතන ප්‍රධානීන් ගණනාවක්ම පසුගිය සමය තුළ විවිධ අවස්ථාවලදී ඉල්ලා අස්වනු දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කිරීමට සැරසෙන – අගමැති හරිනි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අධ්‍යාපන...

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කාන්තා වීරවරියන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකේය අභිමානය රැගෙන යන මානෙල් ජයසිංහ

රටපුරා විදුලිය විසන්ධි වීම ගැන පරීක්ෂණ වාර්තාව මාසයකින්!

කොළඹ LNW:දිවයින පුරා ඊයේ (17) දිනයේදී සිදුවූ හදිසි විදුලි...

බ්‍රිතාන්‍ය ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප කිරීම් ඉහළට! ශ්‍රී ලාංකික සිසුන්ටත් කේස් වැටෙන ලකුණු!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීමේ සිහිනය...