ශැංහයි සහයෝගිතා සංවිධාන රාජ්‍ය නායක සමුළුවේදී චීන ජනපතිගෙන් යෝජනා හතරක්!

කොළඹ LNW:ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 26වන සමුළුව අද පැවැත්වුණා. ඒ කිර්ගිස්ථානයේ බිෂ්කෙක් නගරයේදී.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු නායකයින් මෙවර සමුළුවට එක්වීම විශේෂත්වයක්.

වඩාත් ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව ශැංහයි සහයෝගිතා සංවිධානය සංවර්ධනය කිරීම යන තේමාවෙන් චීන ජනාධිපතිවරයා මෙහිදී විශේෂ දේශනයක් ද සිදු කළා. චීනය ගෝලීය සංවර්ධන, ආරක්ෂක, ශිෂ්ටාචාර සහ පාලන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංවිධානය වැදගත් වේදිකාවක් ලෙස සලකන බව ද ඔහු පෙන්වා දුන්නා. සියලු සාමාජික රටවල් සමග එක්ව කටයුතු කරමින් ආදර්ශමත් සහයෝගීතාවයක් වෙනුවෙන් සහාය වීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔහු මෙහිදී යෝජනා හතරක් ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් පොදු සමෘද්ධිය සහිත අනාගතයක් නිර්මාණය කිරීම ඉන් පළමුවැන්නයි. දෙවනුව, ආරක්ෂාව වැදගත් කොට සලකා විශ්වීය ආරක්ෂිත පරිසරයක් බිහි කළ යුතු බවයි. තෙවනුව, ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් වෙනුවෙන් පාරම්පරික මිතුදම තහවුරු කිරීමයි. අවසන් වශයෙන් සංවාද මගින් සාධාරණ හා විධිමත් පාලනයක් ස්ථාපිත කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා ශංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක කවුන්සිලයේ 26 වන රැස්වීමේදී අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...