ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවුණත් විදුලි කප්පාදුවක් නැහැ – ඇමතිගෙන සහතිකයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ගල් අඟුරු සංචිත අවමවීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා කිරිමට පියවර ගෙන ඇති නමුත් ප්‍රමාණවත් පරිදි ජල විදුලි උත්පාදනය සිදුකරන බැවින් විදුලි සැපයුමට බාධාවක් එල්ල වී නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

ගල් අඟුරු නෞකා දෙකක් ඉදිරියේ දී දිවයිනට ළඟාවීමට නියමිත අතර ඉන් පළමු නෞකාව හෙට (04) පැමිණීමට නියමිතයි.

අනෙක් නෞකාව ලබන 12වන දින දිවයිනට ළඟාවීමට නියමිත අතර අදාළ නෞකාවල ගල් අඟුරු ගොඩබෑමෙන් පසු නිසි පරිදි ගල් අඟුරු මගින් විදුලි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා කියාසිටියි.

ගල් අගුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වන විට විදුලි උත්පාදන කටයුතු බරපතල ගැටලුවකට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්ස ඇතුට වෙඩිතැබීම : සැකකරුවකු අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන...

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...