සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ට එරෙහිව පානදුර මහෙස්ත්රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩු දෙකක නඩු ගොනු අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අධිකරණයේ සේවකයින් 10 දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගත් බව පොලීසිය පවසයි.
එම 10 දෙනා අතර නිලධාරිනියන් 07 දෙනෙකු ද සිටින බව සඳහන්.
පානදුර මහෙස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරිය විසින් පානදුර දකුණ මූලස්ථාන පොලිසියට පෙරේදා (1) කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුගොනු අතුරුදන්වීම සම්බන්ධ විමර්ශනය ආරම්භ කර ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ අතුරුදන්ව ඇත්තේ කුඩු සලිඳුගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්රදේශයේ සිදුවූ මනුෂ්ය ඝාතනයකට අදාළ නඩු ගොනුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනුව ය.
අදාළ නඩු ගොනුවල පිටපත් ලබාගැනීම සඳහා කාර්යාල කාර්ය සහයක වෙත ලබාදී ලේඛනාගාර ගතකර තිබියදී මෙලෙස අතුරුදන්ව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බව වාර්තා වේ.


