පාලින්දනුවරට නව ඉරක්: , මලෙයිගම් ජනතාවට වසර 200කට පසු වත්මන් රජයෙන් ස්ථිර ලිපිනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW :

පාලින්දනුවර ස්ථිර නිවාස නොමැති අඩු ආදායම්ලාභීන්ට රුපියල් මිලියන 16 ක නිවාස ආධාර.

මලෙයිගම් ජනතාවට වසර 200කට පසු වත්මන් රජයෙන් ස්ථිර ලිපිනයක් ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

2017 වසරේ සිදු වූ ස්වාභාවික ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මලෙයිගම් ජනතාව වෙනුවෙන් පැළෑද බටහිර ග්‍රාම නිලධාරී වසමේ මොහොමදීවත්ත නව නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 17 ක ඉදිකිරීම් කටයුතු අද (03) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙයට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන “තමන්ගේ ම තැනක් ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන මගින් පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්ථිර නිවාස නොමැති අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් 2026 වර්ෂයේ දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 16 කට රුපියල් මිලියනය බැගින් වන නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදු විය. (පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 08 දෙනෙකුට නිවාස ආධාර ලබාදී නිවාස ඉදිකිරීම් කටයුතු ද අවසන් කර ඇත. තෙවන අදියර සඳහා ප්‍රතිලාභීන් 55 දෙනෙකු තෝරාගෙන ඇත.)

මෙම විශේෂ වැඩසටහන් ද්විත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ සහභාගීත්වයෙන් අද (03) පෙරවරුවේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

2025 වසරේ ආරම්භ කරන ලද පාලින්දනුවර මොහොමදීවත්ත නව නිවාස ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් ද සහිතව රුපියල් ලක්ෂ 34 ක් වටිනා නව නිවාස 17 ක් ඉදිකිරීමට නියමිතය.

වසර 09ක් තිස්සේ අධිඅවදානම් සහ අවදානම් තත්ත්වයන් පසු වූ සහ නිවාස නොමැතිව පීඩාවට පත්ව සිටි ආපදා ලාභී ජනතාවගේ ස්ථිර නිවාස සිහිනය සැබෑ කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ අමාත්‍යාංශ දෙකක ඒකාබද්ධ දායකත්වයෙනි.

ඒ අනුව, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ නිවාස 12ක් ඉදිකරන අතර එහි වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැවරී ඇත. ඉතිරි නිවාස 5 ඉන්දියානු නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මැදිහත් වීමෙන් ඉදිකිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය NDRA වාර්තා, ඉඩම වෙන් කිරීම, ඉඩම් මැනුම් කටයුතු සහ ඉඩම් කැබලි කිරීමේ කටයුතු සඳහා වන මූල්‍ය දායකත්වය අදාළ වතු සමාගම විසින් සපයා තිබේ.

මලෙයිගම් ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගත වුව ද ඔවුනට ඔප්පුවක් සහිත තමන්ගේම නිවසකට ලිපිනයක්, අනන්‍යතාවක් ලබාදීමට හැකි වූයේ වත්මන් රජය යටතේ බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ආපදාවට ලක්වූවන් වෙනුවෙන් වෙන් කරන මුදල් ඉලක්කගත වැඩපිළිවෙළක් තුළ එම කටයුත්ත සඳහාම වෙන්විය යුතු බවත්, රජය ලබන වසරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 2000 ක මුදලක් වෙන් කරන බව ද අමාත්‍යවරයා පැවසු අතර, ජනතාවගේ ගැටළු විසදීමේ දී කිසිවක් හරස් නොවිය යුතු බව ද වැඩිදුරටත් පැවසීය.

දිගුකාලීනව පීඩාවට පත්ව සිටි ජනතාවට ස්ථිර සහ සුරක්ෂිත නිවාස හිමිකර දීම රජයේ මූලික අරමුණක් වන අතර, මෙම ව්‍යාපෘතිය හරහා කඩිනමින් ජනතා අයිතියට නිවාස පත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩාවේ හමුදා කඳවුරක දැවැන්ත ගින්නක් හේතුවෙන් හමුදා සාමාජිකයන් සිව්දෙනෙකු මරුට, 39 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: කැනඩාවේ ඇල්බර්ටා...

“ඉතිහාසය ගිනි තබා විනාශ කළ හැකිද?” ප්‍රංශයේ ඓතිහාසික නගර ශාලාව ගිනිදැල් අතරින් අළු වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): වසර 143ක පමණ ඉතිහාසයක් පුරා...

2028 වසරේදී ජනමත විචාරණයක් ?

2028 වසරේදී ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ජාතික ජන බලවේග...

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...