ආණ්ඩුවක් විසින් ජනතාවගේ ප්රශ්නවලට විසඳුම් ලබාදුන් විට ජනතාවට වෙනත් දේශපාලන පක්ෂ අවශ්ය නොවන බැවින් ඉදිරියේදී ශ්රී ලංකාව ද තනි පක්ෂ පාලනයකට යැවෙනු ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
“අපි තනි පක්ෂ පාලනයකට යන්න හදනවා ලු. 22න් කොහොමද තනි පක්ෂ පාලනයකට යන්නේ ? (සිනාසෙයි) හතර බීරි කතාවක්නෙ. තනි පක්ෂ යනවා නෙවෙයි යැවෙයි …. දැන් ඔයගොල්ලෝ හොයලා බලන්න ලෝකෙ අපි වගේ පාලනයන් තියෙන රටවල ඇත්ත, තනි පක්ෂ පාලන තියෙන්නෙ. හැමදාම එකම කට්ටිය බලයේ. වෙන කවුරුවක්වත් ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. ලංකාවෙත් තියෙනවා ඒකට උත්තරේ. අපේ වරායේ සමූපකාර සමිතිය තනි පක්ෂ පාලනයක්. වරායේ සමූපකාර ඡන්දෙදී වෙන කවුරුවක්වත් ඉල්ලන්නෙ නෑ. අපි විතරයි ඉල්ලන්නෙ. ඒ වගේ තමයි ලෝකෙ රටවල් තියෙන්නෙ. මිනිස්සුන්ගෙ ප්රශ්න විසඳුවාට පස්සෙ තව පක්ෂ ඕනෙ නැහැ. සමහරක් අය කියන්නෙ ලියලා තියාගන්න කියලා, මේකත් ලියලා තියාගන්න”
ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති කරදියාන නව පාලමට මුල්ගල් තැබීමේ උත්සවය අමතමිනි.


