අලුත් වී නැවත එන QR

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   කිව්ආර් ක්‍රමවේදය පසුගිය වසරේ හදුන්වාදීමේ අරමුණ වූයේ, ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ , ජාතික ඉන්ධන අවසර පත් ‘කිව්ආර්’ ක්‍රමවේදය ඉදිරියේ දී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ වැඩිදියුණු කර දත්ත එක්කිරීම සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිත කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ , QR ක්‍රමවේදය හරහා පැවති සමාජයීය සහ ආර්ථික ගැටලු කළමනාකරණය කර, ඇතිව තිබූ අර්බුදයන් අවසන් කිරීමටත් ජන ජීවිතය ස්ථාවර කර ගැනීමටත් හැකිවූ බවත් , පෙරේදා දින වන විට කිව්ආර් ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචිය සහ එම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගනුදෙනු ලක්ෂ 3,500ක් ඉක්මවා සිදුකර තිබෙන බවත්ය.

කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, QR කේතය තවදුරටත් අවශ්‍ය නොවන්නේ, පසුගිය කාලය තුළ රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය, ඉන්ධන වෙළෙඳපොළට නව බෙදුම්කරුවන් එකතු වීම යන කරුණු මඟින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් කළමනාකරණය වී ඇති බැවින් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...