*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

උසස් පෙළ ප්‍රථිඵල ඉදිරි දින දෙක තුළ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සීටී.

ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බොහොම අමාරුවෙන් අපි වෙනදට වැඩිය කෙටි කාලයක් ඇතුළ දී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙනවා. ඊළඟ දින දෙක ඇතුළත දී ප්‍රතිඵල දේවි. හැබැයි ඊළඟ උසස්පෙළ විභාගය තියෙන දිනයත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒක වෙනස් කිරීමේ කිසිම අදහසක් නැහැ. එහෙම වෙනස් කළොත් වෙන්නේ, අපි හිතමුකෝ උදහරණයක් වශයෙන් මාස දෙකක් විභාගය කල් දාන්න වුණා කියලා. ඒක මාස දෙකක් ගියපු ගමන් දෙසැම්බර් තියන්න බැරිනම් ආය යන්න වෙන්නේ මාර්තුවලට. මාර්තු අප්‍රේල් තියන්න තියෙන සාමාන්‍ය පෙළ විභාගය තියන්න වෙන්නේ තව මාස තුනක් පහු වෙලා.

එතකොට ලබන අවුරුද්දේ සිලබස් කවර් කරන්න ගිහිල්ලා පාසල් වාර සටහනයි, විභාග කාල සටහනයි දෙකම කල් ගියොත් ආයෙත් ඊළඟ අවුරුද්දට යනවා ඊළඟ විභාග ටික. හැබැයි අපි සැලසුම් කරලා තියෙන්නේ ලබන අවුරුද්දේ මෙක අපි යථා තත්ත්වයට පත්කරන්න. දැන් ඩිප්ලෝමාධාරීන් බිහිකරලා බැහැ අධ්‍යාපනයට. තව අවුරුදු 4කට 05කට අපේ පාසලේ පංති කාමරයට අපි යවන්නේ.  අධ්‍යාපනවේදී උපාදිධාරියෙක්ව අපි පංති කාමරයට යවන්නේ. නැත්නම් මේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගන්න බැහැ.”

“ඉතාම කඩිනමින් සංකල්ප පත්‍රිකාව දාලා ඉවරයි. එකේ සවිස්තරාත්මක කැබිනට් පේපර් එක ලබන සතියේ යනවා. විද්‍යා පීඨ 19 ඒකාබද්ධ කරලා ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය මම බිහිකරනවා. ලබන අවුරුද්දේ විද්‍යා පීඨවලට නෙවෙයි බඳවාගන්නේ. අධ්‍යාපනය පිළිබඳ විශ්වවිද්‍යාලයට අධ්‍යාපන අමත්‍යාංශය යටතේ. නැත්නම් තව විශ්වවිද්‍යාලයක් හැටියට මෙකෙන් එහාට ගියොත් එහෙම ගුරුවරු නෙවෙයි බිහිවෙන්නේ. දැන් පේනවනේ වෙන අයගේ ප්‍රශ්වලටත් උද්ඝෝෂණ. අධ්‍යාපන ප්‍රශ්න පැත්තක. එතකොට මේකට බැඳෙන සියලුම දෙනාම ගුරුවන් වීම සඳහා බැඳෙන අය. අවුරුදු 03ක් ඇකඩමික්, අවුරුද්දක් ගුරු පුහුණුව. එතකොට වැටුප් ආරම්භය. තව වැටුප්තල 6ක් උඩින් පටන් ගන්නේ. අන්න එදාට තමයි ගුණාත්මක ගුරුවරයෙක් පංති කාමරයට යවන්න පුළුවන්. දැන් ඉන්න සියලු දෙනාට පහසුකම් සපයනවා අධ්‍යාපනවේදී උපාධි ගන්න.”

ලෙස අමාත්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan