සැප්තැම්බර් 01 සිට ඔඩපණ ණය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෛනික ඇඹරුම් ධාරිතාව මෙට්‍රික් ටොන් 25ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් හිමි වී මෝල් හිමියන් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට යල කන්නය සඳහා වී මිල දී ගැනීමට ‘ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්’ සැප්තැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කර තිබේ.

එක් මෝල් හිමියකු සඳහා 16%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව මෙම ණය මුදල ලබා ගත හැකි අතර, ඉන් 12%ක පොලී අනුපාතයක් මෝල් හිමියන් දැරිය යුතු අතර, ඉතිරි 4% පොලී සහනාධාරයකි.

අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බව වාර්තා වන අතර , මහජන බැංකුව සහ ලංකා බැංකුව මඟින් ලබා දෙන මෙම සමස්ත ණය මුදල්වල වටිනාකම රුපියල් මිලියන 4,000ක් බව සඳහන්ය.

2023 අගෝස්තු මස 14 වන දා අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම සහන ණය යෝජනා ක්‍රමය මෙම වසරේ සැප්තැම්බර් මස 01 දින සිට නොවැම්බර් මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : අද (04)දින කින්නියා...

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...