අපි කාගෙවත් රැකියා නැති කරන්නේ නෑ – කංචන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ දිනවල මානව සම්පත් විගණනයක් සිදුවන බවත් , එම විදුලි මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මඟින් කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමිවීමක් සිදුනොකරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කංචන විජේසේකර අමාත්‍යවරයා පවසන්නේ, එම විගණනයෙන් අනතුරුව ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම සහ ස්ථානගත කිරීම සිදුකරන බවත් ඉදිරියේ දී ලබාදෙන දීමනා මෙන්ම උසස්වීම් කාර්ය සාධනය මත පමණත් සිදුකිරීමට ද පියවර ගන්නා බවයි.

විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණයවීමට වසර 07ක සිට බලාපොරොත්තුවෙන් සිටින තාවකාලික පදනමින් සේවය කරන පිරිසේ නියෝජිතයින් හමුවෙමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.

කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසන්නේ, විවිධ වෘත්තීය සමිති විසින් තම දේශපාලන අවශ්‍යතා මත නිර්මාණය කර ඇති අදහස් හේතුවෙන් මෙම ස්ථිර නොවන සේවකයින් තුළ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ගැන අනවබෝධයක් නිර්මාණය වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...

වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර...

ඉන්දියාවේ මදුරෙයිහි සිට බිලියනපතියකු දක්වා ගූගල් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගමන් මඟ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කුඩා නගරයක...