පාපන්දු නාමය පරයා ගිය ගෘහස්ථ අපයෝජන ඉහළට!

සටහන – පුන්සරා ලියනගේ

සැප්තැම්බර් 04 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් වාර්තා විසින් මෑත කාලීන Uefa යුරෝපීය ශූරතා තරඟාවලියේදී පාපන්දු ආශ්‍රිත ගෘහස්ථ අපයෝජන වාර්තා 351 ක් වාර්තා කර ඇති බව ජාතික පොලිස් ප්‍රධානීන්ගේ කවුන්සිලය (NPCC) ප්‍රකාශ කර තිබේ.

ජූනි 14 සිට ජූලි 14 අතර දක්වා කාලය තුළ සිදු කරන ලද වාර්තා තුළින් මේ පිළිබඳ අනාවරණය වී තිබේ.

NPCC අනතුරු අඟවා ඇත්තේ මෙම සංඛ්‍යාව පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ ගෘහස්ථ හිංසනයන් සියල්ල නියෝජනය නොකරන බවත් ගෘහස්ථ අපයෝජනයන් සාමාන්‍යයෙන් “බොහෝ දුරට අඩුවෙන් වාර්තා වී ඇති” බවත් ය.

කෙසේ වෙතත්, වාර්තා සංඛ්‍යාව මගින් හැඟීම් සහ හැසිරීම් ඔස්සේ පාපන්දු ක්‍රීඩාවෙන් ගෘහස්ථ අපයෝජනයන් උත්සන්න කළ හැකි බවට විශ්වාසය තහවුරු වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...