සටහන – රුවන් නෙළුගොල්ල
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පවසයි.
ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් කටයුතු කළ ද ඒ කඳවුර තුළ කිසිවක් සිදුනොවන බවත් යම් අශුද්ධ සන්ධානයක් දිනවීමට කටයුතු කරන්නේදැයි සැකයක් මතුවන බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා එහිදී පැවසීය.