ප්‍රභා ගනේෂන් සමඟ සමඟියට එක් වූ 27 කණ්ඩායම ස්වාධීන වීමේ තීරණයක!

Date:

කොළඹ LNW: එළඹෙන ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ඔවුන් සමඟ එක වූ හිටපු අමාත්‍යය ප්‍රභා ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසය සහ මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

සමඟියට 27ක් ලෙස එම එකඟතාවට අත්සන් තැබුවද එම එකඟතාව ලියවිල්ලකට පමණක් සීමා වී ඇති බවයි එම කණ්ඩායම පවසන්නේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අදාළව ප්‍රචාරක කටයුතුවලට එම 27 කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට සමඟි ජන බලවේගයේ උනන්දුවක් නොමැති බවත් දැනට පවත්වන මහජන රැළි ආමන්ත්‍රණය කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නැති බවයි කියවුණේ.

සමඟි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළව මෙම 27 කණ්ඩායම විසින් වැඩපිළිවෙලක් භාර දුන්නද ඊටද යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට සමඟි නායකත්වය කටයුතු කර නැති බවද වාර්තා විය.

ඒ අනුව ඔවුන්ව මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාලව මෙන්ම ඉදිරි සැලසුම්වලට අදාළව දායකකරගැනීමක් නොකරන හෙයින් තවදුරටත් සමඟි ජන සන්ධානය තුළ රැඳී සිටිනවාද යන්න තීරණයක් ගැනීමට සිදුව තිබෙන බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේ.

මෙම අර්බුදය විසඳා ගැනීමට ඊයේ (03) දිනයේද සාකච්ජා කිරීමට ප්‍රභා ගනේෂන් මහතා ප්‍රමුඛ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිට ඇතත් ඊටද අවස්ථාවක් ලැබී නැති බව සඳහන්.

ඒ අනුවයි ඔවුන් සමඟි ජන සන්ධානයේ කටයුතුවලට තවදුරටත් සහය දක්වන පාර්ශවයක් නොවී ස්වාධීන වීමට තීරණයක් ගෙන ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...