*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ඇතැමුන් රටේ සමාජයට, සංස්කෘතියට පහර දෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා – නාමල්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04 , කොළඹ (LNW):

අපි වවන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්නත් අවශ්‍ය වැඩපිළිවෙල අපි ලඟ තිබෙනවා. ඒ වෙනුවෙන් දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වනවා. සංචාරක ව්‍යාපාරය මේ දිස්ත්‍රික්කයේ දියුණු කරන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වන්න දැක්මක් අපිට තිබෙනවා. අපි හැමදාම මේ රටේ දේශීය ව්‍යාපාරිකයා, දේශීය ව්‍යවසායකයා විශ්වාස කළා. අදටත් එහෙමයි. හෙටටත් එහෙමයි.” – නාමල් රාජපක්ෂ

ඒ මහතා මේ බව සදහන් කළේ හලාවත, ආරච්චිකට්ටුවේ දී අද (03) පස්වරුවේ පැවැති ජනරැලිය අමතමිනි. එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ අපේක්ෂාවෙන් මෙම ජනරැලිය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,

” තරුණ තරුණියන්ට රැකියා දෙන්නත් අපිට අවශ්‍ය වෙනවා. ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අවශ්‍ය වුණා. ඔවුන්ට තාක්ෂණය ලබාදීමෙන් පමණයි ආදායම වැඩිකර ගන්න පුළුවන් වෙන්නේ. මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමෙන් පමණයි ධීවරයන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වැඩපිලිවෙල අපි ළඟ තිබෙනවා. නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව සෑම දෙයක්ම විදේශයන්ගෙන් ගේනවා. පසුගිය ආණ්ඩුවේ තෙල් ප්‍රශ්න තිබුණා. උපක්‍රමශීලීව එය නිර්මාණය කළා. විදුලිය නොමැති තත්ත්වයක් තිබුණා. යහපාලන ආණ්ඩුව සමයේ විදුලිබල පද්ධතියට එක මෙගාවොට් එකක් හෝ එකතු නොකළ නිසා බලශක්ති ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විදුලිය කපන්න වුණේ. නමුත් ගෝඨාභය ආන්ඩුව සමයේ ගොවියන්ට සහන දුන්නා. නමුත් අපි කාබනික පොහොර දෙන්න ගිහින් ගොවියන් අපි සමඟ අමනාප වුණා. මම එදා පුත්තලම දිස්ත්‍රික්කයට ආවා. ගොවියන් සමඟ සාකච්ඡා කළා. අපි විශ්වාස කළා මේ රටේ කෘෂිකර්මාන්තය වස විෂෙන් තොර වෙන්න ඕන කියලා.

අපි වවන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්නත් අවශ්‍ය වැඩපිළිවෙල අපි ලඟ තිබෙනවා. ඒ වෙනුවෙන් දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වනවා. සංචාරක ව්‍යාපාරය මේ දිස්ත්‍රික්කයේ දියුණු කරන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වන්න දැක්මක් අපිට තිබෙනවා. අපි හැමදාම මේ රටේ දේශීය ව්‍යාපාරිකයා, දේශීය ව්‍යවසායකයා විශ්වාස කළා. අදටත් එහෙමයි. හෙටටත් එහෙමයි. විදෙස් ආයෝජකයන් ගේනවා වගේම දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න ඕන. දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා රකින්න ඕන. සමූපකාර බැංකුව, ග්‍රාමීය බැංකුව ශක්තිමත් කරමින් ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට අඩු පොලියට ප්‍රාග්ධනය ලබාදිය යුතුවෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ රැකියා උත්පාදනය කරන්න ඕන.

ආයෝජකයන් ගේනවා වගේම දේශීය හා විදෙස් රැකියා වෙළඳපොල තුළ ඊළඟ වසර 10 කාලයේ දී අපි රැකියා ලක්ෂ 20 ක් නිර්මාණය කරන්න පියවර ගන්නවා. ඒ තුළින් සෘජුවම තරුණ තරුණියන්ගේ ශක්තිය මේ රටේ ආර්ථිකයට ලබාගන්න පුළුවන් වෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය දැක්මක් සමඟ දේශපාලනය කරනවා. වේදිකාවේ එකිනෙකාට මඩ ගැසුවා කියා ඵලක් නැහැ. පසුගිය වසර 20 හා 30 ගත්විට දේශපාලන ප්‍රතිපත්ති ඇතැමුන්ගේ එක හා සමානයි. එකම කාරණය කතා කරනවා. ඇතැමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එකම දේ කියනවා. ඒ අපේක්ෂකයන් බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ බටහිරකරණය මිස නවීකරණය නොවෙයි. මම විශ්වාස කරන්නේ බටහිරකරණය නොවෙයි අපි අපේ රට නවීකරණය කරා රැගෙන යායුතුයි කියන විශ්වාසය සහ වැඩපිළිවෙල සමඟ අපි දේශපාලනය කරනවා. ඒ වැඩපිලිවෙල අපි ළඟ තිබෙනවා. ඒ නිසා එක් එක් අයගේ ප්‍රතිපත්ති වෙනස්. ඇතැමුන් මේ රටේ සමාජයට, සංස්කෘතියට පහර දෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා.” ලෙස නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan