*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

රනිල් -සජිත් එකතු වෙන්න නැත්නම් බලය අපෙන් ගිලිහෙනවා – අරුන්දික ඇත්තම කියයි

කොළඹ LNW:පසුගිය කාලය පුරාම බලාපොරොත්තු සහගතව දේශපාලන කළ අතර හැකි ආකාරයෙන් ජනතාවට සේවය කළනමුත් ඇතැමුන්ගේ වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් අගතියට පත්වීමට සිදුවුවත් දැන් නැවත වරක් රට විනාශකාරී තැනකට ගමන් කරමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයි අද (040 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ස්වාධීන වූ අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේය.

එම විනාශකාරී ගමන වැළැක්වීමට නම් ජනාධිපතිවරයාට හා විපක්ෂ නායකයට එකතුවෙන ලෙස තමන් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පවතින තත්ත්වය අනුව බලය ඔවුගෙන් ගිලිහී වෙනත් සන්ධානයකට ගියහොත් වෛරී දේශපාලනය යළි ඉඩ ලැබෙනු ඇති බවටයි මන්ත්‍රීවරයා පැවසුවේ.

”මම සැප්තැම්බර් මාසේ පළමු වෙනිදා වර්තමාන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මැතිවරණ කොට්ඨාසයේ හලාවත නගර මධ්‍යයට එතුමාව ගෙනල්ල දැවැන්ත රැළියක් කළා. හැබැයි මට පොඩි කණගාටුවක් තියෙනවා අපි පක්ෂ කීපයක් එකතු වෙලා මේ ද්ශපාලන කටයුත්ත කරන්නේ. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් පක්ෂ එකතුවෙලා. හැබැයි අදටත් එක්සත් ජාතික පක්ෂයේ එතුමාට උදව් කරන කණ්ඩායමට කිසිම සහයෝගයක් නැහැ. මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියල. අපි සද්භාවයෙන් එතුමාව ජයග්‍රහණය කරන්න හදනවා. අපි හිතනවා එතුමා මේ රටට යම්කිසි දෙයක් කළා කියල.ආර්ථිකය ස්ථාවර කළාට පස්සේ අපි හිතුව එතුමා එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියල. නමුත් දැන් හිතෙනවා මොකක් හරි බලවේගයක් ක්‍රියාත්මක වෙනවයි කියල. අර අශුද්ධ සන්ධානය බලයට ගේන්න මොකක් හරි බලවේගයක් ක්‍රියාත්මක වෙන්ව කියල පෙන්වා. මම හිතන්නේ අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕන අවස්ථාවක් මේ. …..ගරු කථානායකතුමනි අද සිට මම ස්වාධීනව මේ රටේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න පුළුවන් අයත් එක්ක මම සාකච්ජා කරනවා. අඩුම ගානේ මම සජිත් ප්‍රේමදස මැතිතුමාව හම්බවෙලාවත් නැහැ. අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි සද්භාවයෙන් වැඩකරන්නේ. මේ වෙලාවේ මම අත්දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමාටයි, ජනාධිපතිතුමාටයි එකතුවෙන්න කියල.” යනුවෙන් අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan